දේශීය
ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

කිලිනොච්චිය, සෙල්වනගර් ප්රදේශයේදී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී නිවස ආසන්නයේ පිහිටි ජල ටැංකියකට වැටීමෙන් එම දැරිය මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ, අවුරුද්දයි මාස 03ක් වයසැති දැරියක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්රදේශයේ දිය නාමින් සිටි ළමයකුද දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය වාර්තා කරනවා.
ළමුන් දෙදෙනෙකු දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ප්රදේශවාසීන් විසින් එක් ළමයකු බේරාගෙන තිබෙන අතර අතුරුදන්වූ 14 හැවිරිදි ළමයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
වරකාපොළ ප්රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටියදී එම පාසල් සිසුවා මෙම අනතුරට ලක්ව තිබෙන්නේ.