පොල් ගෙඩියක් හිසේ වැදී කුඩා දැරියක් මිය ගිහින්

ගලහා දෙල්තොට ප්‍රදේශයේදී පියාගේ ඇකයේ සිටි මාස 11 ක් වු දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා මියගොස් ඇති බව ගලහා පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගලහා දෙල්තොට නාරන්හින්න වත්තේ පදිංචි ලෝගේෂ්වරන් කියාංෂිනි නැමති දැරියක්.
පියා විසින් මෙම දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් යළි එමින් සිටියදී එම නිවස ඉදිරිපිට ඇති අඩි තිහක් පමණ ඉතා උස පොල් ගසක තිබුණු වේළුණු ගෙඩියක් ඇගේ හිසට වැටී තිබෙනවා.
ඉන්පසු මොවුන් ත්‍රී රෝද රථයකින් දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහල වෙතරැගෙන ගොස් තිබූ අතර ඇගේ තත්ත්වය ඉතා බරපතල නිසා එම රෝහලින් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යවා තිබුණා.
මොවුන් පදිංචි පේළි නිවාස අසල ඇති මෙම පොල් ගසේ ගෙඩි පැසී තිබෙන විට කිසිවෙකුත් ඒවා කඩා නොමැති අතර එම ගෙඩි වේලි අනාරක්ෂිත ලෙස බිමට වැටීම සිදුවන බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
මෙම නිවාසවල තවත් කුඩා ළමුන් හා අනෙකුත් පිරිස් විශාල ලෙස සිටියත් මෙහි ඇති අවදානම පිළිබඳව ඔවුන් එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බවයි හෙළි වී තිබෙන්නේ.