රට රැකියා සිහින පෙන්වූ නීතිඥයෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් අංශය පවසනවා.
අදාල ආයතනයෙන් ලබා ගැනීමට හැකි යුරෝපා රටවල රැකියා අවස්ථාවන් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දී තිබූ ප්රචාරක කටයුතු මත ලද තොරතුරක් අනුව මෙම ස්ථානය වැටලීමට කටයුතු කර තිබුණා.
මෙම රැකියා නියෝජිත ආයතනය මගින් ඇල්බේනියාවේ සහ රුමේනියාවේ රැකියා සදහා පුද්ගලයින් විදෙස් ගත කරන බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 11 ක් පමණ අයකර ඇති බවත් නමුත් මෙතෙක් කිසිදු පුද්ගලයකු විදෙස් ගත කිරීමට කටයුතු කර නොමැති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද එම ඒකකය පවසනවා.
අදාල විදේශ රැකියා නියෝජිත ආයතනයේ හිමිකරු බව පවසන සැකකරුට අයත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ ගමන් බලපත්‍ර 60 කට ආසන්න ප්‍රමාණයක් සහ පුද්ගල ජීව දත්ත පත්‍රිකා රැසක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි නීතිඥවරයෙක්.
ඒ අනුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.