රතු මුහුදේදී වෙළෙඳ නැවකට හවුති මිසයිල ප්‍රහාරයක්

යේමනයට ඔබ්බෙන් මුහුදු තීරයේදී වෙළෙඳ නෞකාවකට එල්ලවූ හවුති මිසයිල ප්‍රහාරයකින් හානි සිදුවී ඇති බවට සමුද්‍ර ආරක්ෂක නිරීක්ෂකයන් ප්‍රකාශ කර ඇති බව වාර්තාවනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් නෞකාව අඛණ්ඩව යාත්‍රා කළ බවයි.
ඊශ්‍රායලයට සම්බන්ධ කිසිදු නෞකාවකට ඉන්දීය සාගරය හරහා යාත්‍රා කිරීමට ඉඩ නොතබන බව හවුති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී තවදුරටත් එම ප්‍රහාර පුළුල් කරන බවට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
මේ මස මුල් භාගයේදී හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකින් ඒඩ්න් මුහුදු තීරයේදි වෙළෙඳ නෞකාවක් ගිනිබත්වූ අතර, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී තිබුණා.
එහිදී නෞකාව අතහැර පලා යෑමෙන් කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් දිවි බේරා ගනු ලැබු බවද වැඩිදුරටත් සඳහන් වුණා.