මඩකලපුවේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්

මඩකලපුවේ මායිම් ප්‍රදේශයක් වන මාතවනෙයි මයිලත්තමඩු ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ආගමික නායකයින්, දෙමළ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් 09 දෙනෙකු ඇතුලත් කණ්ඩායමක්, බෞද්ධ භික්ෂුවක් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් පැය තුනක කාලයක් නීතිවිරෝධී ලෙස රඳවා තබා තබා ගෙන සිටි බවට වාර්තා වෙනවා.
එම වාහනයේ සිටි දෙමළ ජාතිකයන් සියල්ලන්ටම ගිනි තබන බවටද මරණ තර්ජන එල්ල කර ඇති බවටයි පැවසෙන්නේ.
එමෙන්ම, මාධ්‍යවේදීන්ගේ කැමරාවලින් දර්ශන සියල්ල මකා දමන ලෙසද, ඔවුන්ට තර්ජන එල්ල වී තිබුණා.
මේ අතර,පසුගියදා (18) මුලතිව් හි පිහිටි කුරුන්දිමලේ පුදබිම තුළ බෞද්ධ සහ හින්දු ආගමික උත්සව දෙකක් එකවර පැවැත්වීමට යාම නිසා පිරිස් දෙකක් අතර උණුසුම් තත්වයක් හටගෙන තිබුණා.
මෙදිනම යාපනයේ හින්දු බැතිමතුන් පිරිසක් පොංගල් පූජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණු අතර, ඒත් සමඟම 18,19,20 යන දිනයන්හි බෞද්ධ පින්කම් මාලාවක් සැලසුම් කිරීමට කුරුන්දි විහාරයේ විහාරාධිපති හිමියන් කටයුතු කර තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් පූජා පැවැත්වීම සඳහා වෙන් කර දෙන ලද ස්ථානයක හින්දු බැතිමතුන් කුඩා පිළිම කිහිපයක් තැන්පත් කිරීමට යෑමේදී ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් ඊට විරෝධය පා තිබෙනවා.
එහිදී, අදාළ පිරිස හා භික්ෂූන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙන බවත්, පසුව පොලීසිය මැදිහත් වීමෙන් එම තත්වය සමතයකට පත් කර බවත් වාර්තා වුණා.