දේශීය

Whatsapp මගින් දරුවන් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල – උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

44 හැවිරිදි සැකකරු ඊයේ (11) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මීට අදාළ පැමිණිල්ල පොලිසියට ලැබී තිබුණේ ගාල්ලේ පාසල් කිහිපයක දරුවන්ගේ දෙමව්පියන්ගෙන්.ක්තම දරුවන් ලිංගික අපයෝජනයට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් කළ පැමිණිල්ල අනුව දරුවන්ගෙන් ද තොරතුරු ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වට්ස්ඇප් මාර්ගයෙන් සැකකරු දරුවන් ඊට පොළඹවා ගෙන ඇති බවයි.

විවිධ ස්ථානවල මෙම අපයෝජන සිදුව ඇති අතර, එම ස්ථාන ද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පොලිසිය ඉල්ලා සිටින්නේ දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් නිසි අවධානයෙන් කටයුතු කිරීමෙන් මෙවැනි තත්ත්වයන් වළක්වා ගත හැකි බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button