දේශීය
එකම පවුලේ දෙදෙනෙක් අනතුරකට ලක් කළ විදේශිකයෙක් අත්අඩංගුවට

කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියගොස්, පුතා තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ, වත්ත වඩුගේ සදුන් අරවින්ද නමැති (46) හැවිරිදි පුද්ගලයෙක්.
පොලීසිය පවසන්නේ, ඔහු කළුතර නාගොඩ සංදර්ශනාරාම පාරේ පදිංචිව සිටී පුද්ගලයෙක් බවයි.
මෝටර් රථය පැදවූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මෝටර් රථය පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.
චීන ජාතිකයින් පිරිස ගමන්ගත් මෝටර් රථය බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති අතර , ගොඩබිම දෙස සිට මුහුද දෙසට පාර මාරුවෙමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.