දේශීය
වනඅලි ප්‍රහාරයෙන් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

පොතුවිල් සංගමන්කන්ද ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (15) උදෑසන සංගමන්කන්ද මනචේනි කැලෑවල ප්‍රදේශයේදී අදාළ විදෙස් ජාතිකයා වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.
වනඅලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 50 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු බවත් ඔහු එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අයෙකු බවත් වැඩිදුරටත් වාර්තාවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.