දේශීය

ඕස්ට්‍රේලියාවෙන් මෙරට​ට ගුවන් යානයක්

ශ්‍රී ලංකා​වේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානය​ක් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං (Michelle Chan) මහත්මිය එකඟතාවය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මිචෙල් චැං මහත්මිය ජාතික  ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හමුවේ මෙම පොරොන්දුව ලබා දී තිබෙනවා.

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තබන පළමු පියවර ලෙස මෙම ගුවන් යානය ලබා දෙන බව මිචෙල් චැං මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button