දේශීය

හොර සහතික ඉදිරිපත් කොට පත්වීමක් ගත් හොර ගුරුවරයෙකු අත්අඩංගුවට

අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වල ව්‍යාජ සහතික ඉදිරිපත් කොට මුලතිව් ප්‍රදේශයේ පාසලක වසර තුනක් සේවය කළ ගුරුවරයෙකු යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පවසන්නේ,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙකු වන මොහු අදාල සහතික ඉදිරිපත් කිරීමෙන් පසුව මුලතිව් ප්‍රදේශයේ පාසලක ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා තිබෙන බවයි

එමෙන්ම, 2019 වසරේදී ස්වේච්ඡා ගුරුවරු ස්ථිර කිරීමේදී මොහුටද ගුරුසේවයේ 3 පන්තියට අදාලව ස්ථිර පත්වීමක්ද ලැබී තිබෙනවා.

2023 වසරේ ඔහුගේ ඊළග උසස්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් සහතික පරීක්ෂා කිරීමේ දී අදාල ගුරුවරයා විසින් ඉදිරිපත් කරන ලද සහතික ව්‍යාජ ඒවා බවට තහවුරු වීමෙන් පසුව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ බව යාපනය පොලීසියේ අපරාධ හා වංචා විමර්ශන අංශය වෙත පැමිණිලි කොට තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව අදාල ගුරුවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුට සහතික ව්‍යාජ ලෙස සකසා දුන් පුද්ගලයා පිළිබඳවද තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී තිබෙන අතර, ඒ අනුව යාපනය පොලිසියෙන් ඔහුවද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button