දේශීය
ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම ගැන තීරණයක්

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම 2022/05/20 වන දින සිට තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.
මෙම පාසල් නිවාඩු කාලය අවසන් වනවිට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මහජනතාව දැනුවත් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
අදාළ තීරණය ගනු ලැබූවේ අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩ ආරම්භ කිරීමෙන් පසු නිලධරීන් සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව බව දැනගන්නට ලැබේ.