දේශීය
විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගල මළ සිරුරක්

සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් මහනුවර ගැටඹේ ප්රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.
එම ප්රදේශයේ විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා.
පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධියවූ ස්ථානය ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ දෙපා හා අත් ලණුවකින් ගැට ගසා මුනින් අතට වැටී පහරදීමකින් ඇතිවූ තුවාල සහිතව මියගොස් සිට ඇති බව පොලීසිය පවසනවා.
මියගොස් ඇත්තේ 42 හැවිරිදි මැණික්හින්න ප්රදේශයේ පදිංචිව සිට අයෙකු බව සඳහන්.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.