දේශීය
මාලිගාව ඇතුලේ කුමන්ත්‍රණයක් – අනුර

ජනපතිගේ ධුර කාලය පහද? හය ද?යනුවෙන් සාකච්ඡාවක් නිර්මාණය කිරීම සඳහා “මාලිගාව” ඇතුලේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාල නීති මගින් අවශ්‍ය බවට පනවා ඇති පරිදි 2024 සැප්තැම්බර් මස 17 වන දින සිට ඔක්තෝබර් මස 16 වන දා දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව ස්ථිර කළා.
ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 සහ සැප්තැම්බර් 17 දක්වා කාලයේ පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාවේම සඳහන් වෙන නමුත් ජනපතිවරණය සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් නිර්මාණය වී තිබෙන බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.