දේශීය
මාස දෙකකට පසු රුපියලේ වෙනසක්

පසුගිය මාස දෙකක පමණ කාලයේ දී ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය ඊයේ (27) වාර්තා වී තිබුණා.
ඒ අනුව, ඊයේ (27) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330.38 ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටෙමින් රුපියල ශක්තිමත්වී තිබෙනවා.
මේ අතර, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ දිනයේ රුපියල් 320.53 ලෙස සටහන් වුණා.
මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320 මට්ටමට සහ විකුණුම් මිල රු. 330 මට්ටමට පැමිණ ඇත්තේ මාස දෙකක පමණ කාලයකින් පසුවයි.
2023 ඔක්තෝබර් 24 වන දිනයේදී අවසාන වරට ඩොලරයේ රුපියල් වටිනාකම මෙම මට්ටම්වල පැවතුණා.