ක්‍රීඩා
චමරිගෙන් ශතකයක්

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරඟය මේ වනවිට දඹුල්ලේ පැවැත්වෙනවා
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත් වුණා.
එම තරඟයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් වූණා.
ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින්.
එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරඟයක රැස්කළ පළමු ශතකයද වනවා.