දේශීය
බස් රථයක් පාලමක ගැටී අනතුරක්

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරපොල්ලිය පාලම උඩ දී අද (30) අළුයම 4ට පමණ අනතුරක් සිදුවී තිබෙනවා.
එම බස් රථ අනතුරෙන් 7 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබුණා.
මෙම අනතුරට ලක්වී ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ගමන්ගත් පුද්ගලික බස් රථයක්.
හම්බන්තොට සිට කොළඹ බලා ධාවන වු මෙම බස් රථයේ රියදුරුට අධික වේගය පාලනය කරගත නොහැකිව පාලමේ කොටසක් කඩාගෙන ගොස් එහි සිරවී තිබෙනවා.
බසයේ ඉදිරිපස වම් කොටස කඩාගෙන ඇලට වැටීමත් සමග එහි සිටි මගීන් 5 දෙනෙකු වතුරට වැටී ඇති අතර ප්‍රදේශවාසීන් ඔවුන් ගොඩට ගෙන රෝහල් ගත කර තිබුණා.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පැමිණ බස් රථයේ ඇළට වැටුණු කොටස ගොඩ ගෙන ඇති බවයි වාර්තාවන්නේ.