ගාසා තීරයට සයිප්‍රසයේ සිට ටොන් 200ක ආහාර නැවක්

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් දැඩි සාගතයකට මුහුණ පා සිටින දහස් සංඛ්‍යාත පලස්තීනුවන්ට ටොන් 200ක ආහාර ද්‍රව්‍ය ඇතුළු මානුෂීය ආධාර රැගත් නෞකාවක් සයිප්‍රස් රාජ්‍යයේ සිට ඊයේ පිටත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ආහාර තොගයට තිරිඟු පිටි, සහල් සහ ප්‍රෝටීන් වර්ගද ඇතුළත් බවයි.
රටවල් රැසකින් ලැබුණු ආධාර එම ආහාර තොගයට ඇතුළත් බවත්, වැඩිම ආධාර සපයා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.
‘ඕපන් ආම්ස්‘ නමින් හඳුන්වනු ලබන එම ආධාර නෞකාව සේන්දු වීමට නියමිත වරාය හෝ එය ගාසා තීරයට ළඟාවන දිනවකවානුව මෙතෙත් අනාවරණය කර නැති බවයි වාර්තාවන්නේ.
පළමු අදියර යටතේ ක්‍රියාත්මක වන එම ආහාර තොගයට අමතරව ගාසා තීරයට සැපයීම සඳහා තවත් ටොන් 500ක ආහාර තොගයක් සයිප්‍රසයේ ගබඩා කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.