Uncategorizedදේශීය

වර්ජනය නිසා දුම්රිය මගීන් අපහසුතාවට

දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ධාවනාගාර කිහිපයක ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබුණා.

එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේ, වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැ ක්වූ ලේකම්වරයා,

“දුම්රිය එංජින් රියදුරු ශ්‍රේණියට වසර ගණනක් තිස්සේ, වැ ටුප් කේතයක් නැ ති ගැටලුවක් තියෙනවා.ඒ නිසා අපේ ශ්‍රේණිය සම්බන්ධ වෙලා තියෙන උසස්වීම් ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා.වැටුප් කේතයක් නැති නිසා බඳවා ගැනීමේ පටිපාටියක් නොමැ ති වීමෙන් සියලුදේවල් ඇනහිටලා  තියෙනවා. ඉතාම අපහසුතාවයට පත්වෙලා ඉන්න කණ්ඩායම් දෙකක් තියෙනවා එංජින් දුම්රිය සේවයේ. ඔවුන් අපේ සංගමයට දිගින් දිගටම බලපෑම් කරා මේකට සම්බන්ධ වෙන ලෙස. ඒ අනුව අප සංගමය මීට සති දෙකකට පෙර ජනාධිපති, අගමැති, ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා  දැනුවත් කරලා  තියෙනවා. .ඒ අනුව මෙතෙක් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වුණා. ගැටලු රැසකට මුහුණදීලා සිටින ධාවනාගාර දෙකක් තමා මේකට සම්බන්ධ වුණේ. ඉදිරියේදී පිළිතුරක් නොමැති නම් සියලුම රියදුරන් සම්බන්ධ වෙලා තව දුරටත් ඉදිරියට යන්න ඉඩ තියෙනවා.”

වර්ජනය හේතුවෙන් අද (12) උදෑ සන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබෙනවා.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා  ප්‍රකාශ කළේ, අද උදෑසන හලාවත, ගනේවත්ත, අලුත්ගම සිට කොළඹ බලා පැ මිණෙන දුම්රිය කිහිපයක් අවලංගු වී ඇති බවයි.

එමෙන්ම කොළඹ සිට ධාවනයවීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබෙනවා.

මේ වනවිට රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, මහව, කුරුණෑගල, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට දුම්රිය පැමිණෙන බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා  ප්‍රකාශ කළා.

වර්ජනය හේතුවෙන් අද උදෑ සන ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 20ක් පමණ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

දුම්රිය වර්ජනය හේතුවෙන් මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධා වනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණ ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර අධික තදබදය හේතුවෙන් දුම්රිය වහලය මතට නැඟ තිබූ එම තරුණයා  ,හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී ගසක හෝ වයරයක ගැටී දුම්රියෙන් ඇද වැටීමෙන් මිය ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button