දේශීය

රාජ්‍ය ඇමති බීමතින් අහසට වෙඩිතබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිටදී ඔහුට නිකුත් කර තිබූ ගිනිඅවියකින් අහසට වෙඩි තබා තිබෙනවා .

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනිඅවිය රැගෙන පැමිණ ඔහු එයින් වෙඩි ප්‍රහාර කිහිපයක් අහස දෙසට එල්ල කර ඇති බවයි .

මෙම රාජ්‍ය අමාත්‍යවරයා වරෙක සිය ඇමති තනතුරු බලතල භාවිත කරමින්  විවාහක රූප සුන්දරියක් සමඟ බන්ධනාගාරය තුළට ගොස් රැඳවියෙකු දණගැස්වීමේ සිද්ධියක් සහ මීට පෙර අවස්ථා කිහිපයකදීම ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක්වූවෙක් බවද සඳහන් වනවා.

පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊයේ (05) රාත්‍රියේ සිදුවී ඇති මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් උසස් නිලධාරීන්ව ද දැනුම්වත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button