පුද්ගලයෙකුගේ මුදල් සහ ජංගම දුරකථන පැහැර ගත් කොස්තාපල්වරුන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 25,300ක් බලෙන් පැහැර ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බවයි වාර්තා වෙන්නේ.
පසුගිය ජූලි මස 24 වැනි දින රාජගිරියේ සුපිරි වෙළඳසැලක් ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව එම පුද්ගලයා පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථයෙන් රැගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය බලෙන් ලබා ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදුකර මෙම පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.
පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරන්නේ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.