Uncategorizedදේශීය
ගෑස් මිලත් එක්කම ආපනශලාත් ගණන් උස්සලාද?

ගෑස් මිල ඉහළ දැමුණද ආපනශාලා තුළ ආහාර මිල වැඩි කිරීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන් සහ අවන්හල් හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.
නමුත් පසුගිය මාස 3 ක පමණ කාලය තුළදී විටින් විට විදුලි බිලත්, වතුර බිලත්,ගෑස් මිලත් වැඩිවීමක් සිදුවුවත් ආපනශාලා ආහාරවල මිල ගණන් කිසිදු වෙනසක් සිදු නොකළ බවත් තව නොබෝ දිනකින් විදුලි බිල වැඩි වුවහොත් අනිවාර්යයෙන්ම ආපනශාලා ආහාරවල මිල ගණන් සංශෝධනය කරන බවත් එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කරා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රජයේ වාණිජ නීතිගත සංස්ථාව බිත්තර ආනයනය කිරීමට තීරණය කිරීමෙන් රුපියල් 65, ත් 60අතර තිබූ බිත්තරයක මිල රුපියල් 42 ත් 43අතර අඩුවීමට ප්‍රධානම හේතුව බවයි.
බිත්තර මිල අඩු කරන බවට බිත්තර සංගම්වලින් වරින්වර ඉල්ලීම් කළද එම සංගම් බිත්තර මිළ පහළ දැමීමක් සිදු නොකළ බවද ඔහු මෙහිදි පෙන්වා දුන්නා.