ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානයට ලකුණු 335ක ඉලක්කයක්

ආසියානු කුසලාන 2023  ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද (03) පාකිස්තානයේ ලාහෝර්හීදි පැවැත්වෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංගලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් සමත් වුණා.

ඒ අනුව, කණඩායමේ නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි Mohommed Naim සහ Mehidy Hasan  පළමු කඩුල්ල සදහා අගනා ලකුණු 50ක සබදතාවයක් ගොඩ නගමින් බංගලාදේශ ඉනිමට ශක්තිමත් පදනමක් දැමුවා.

බංගලාදේශ කණ්ඩයම පන්දු වාර 50 කදී, කඩුලු 5ක් දැවී ලකුණු 335ක් ලබා ගත්තා.

Mehidy Hasan Miraz ලකුණු 112,Najmu Hassan Shanto ලකුණු 104,Mohommed Naim  ලකුණු 28ක් බැගින් බංගලාදේශ කණ්ඩායමට එක් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Mujeeb Ur Rahman කඩුලු 01ක්ද, Gulbadin Naib කඩුලු 01ක්ද දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button