දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොටසක් වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ නිෂ්පාදන කටයුතු ලබන 18 වෙනිදා සිට ඔක්තෝබර් 8 වෙනිදා දක්වා අත්හිටුවීමට තිරණය කර තිබෙනවා.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක කියා සිටියේ,එම ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රියතාවය නැවත පිහිටුවා යථා තත්වයට පත් කිරීම සදහා මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, එම කාලය තුළ හිගයකින් තොරව ඉන්ධන සැපයුම  පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඇණවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button