විදෙස්

රුසියානු ප්‍රහාරයෙන් යුක්‍රේනයේ පාසල් 1,300ක් විනාශ වෙයි

2022 පෙබරවාරි මාසයේ දී රුසියාව, යුක්‍රේනය ආක්‍රමණයට වසරකට අධික කාලයක් ගත වී තිබෙනවා.

යුද්ධය නිසා රටවල් දෙකෙහිම දරුවන් හට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

ඒ අනුව, 2022 රුසියානු ආක්‍රමණයෙන් පසුව, යුක්‍රේනයේ පාසල් 1,300ක් මුළුමනින්ම විනාශ වී ඇති බව, UNICEF සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

රුසියානු ප්‍රහාර එල්ලවීමේ අවදානම හේතුවෙන් තවත් යුක්‍රේන පාසල් රැසක් වසා දමා ඇති බව, UNICEF සංවිධානයේ නවතම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනු ලබනවා.

එමෙන්ම එම වාර්තාවට අනුව, මේ වනවිට යුක්‍රේනයේ පාසල් අධ්‍යාපනය ලබන්නේ එම වයසේ පසුවන දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පමණයි.

ගැටුම් හේතුවෙන් රට හැර ගොස් ඇති යුක්‍රේන පවුල්වල දරුවන්ගෙන් අඩකට වැඩි පිරිසක් රජයේ අධ්‍යාපනය ලැබීමට ලියාපදිංචි වී නොමැති බවයි වාර්තා වන්නේ.

අඛණ්ඩව පාසල් පැමිණීමට නොහැකි වීම හේතුවෙන් සිසුන්ට මෙතෙක් ලැබූ දැනුමද මතකයෙන් ගිලිහෙමින් පවතින බව එම වාර්තා තවදුරටත් පෙන්වා දෙනවා.

ගුරුවරුන් පවසන්නේ සිසුන් තුළින් භාෂා භාවිතයේ දුබලතාද මේ වනවිට පෙන්නුම් කෙරෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button