Uncategorizedදේශීය

විවාහ උත්සවයක නර්තනයේ යෙදෙමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට

හොරණ ගෝනපොල ප්‍රදේශයේ දී ඊයේ (27) පැවති විවාහ උත්සවයක් අතරතුර එයට සහභාගී වූ තරුණියක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ උඩ ගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක අවිවාහක තරුණියක්.

අදාළ තරුණිය තම මිතුරියන් හා නර්තනයේ යෙදෙමින්  සිට ඇති අතර එහිදී ඇයට හදිසි අසනීප තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඇයගේ මිතුරියන් ඇයව මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ එහිදී එම පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රෝහල වෙත රැගෙන යාම සඳහා උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, තරුණිය හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇති බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button