දේශීය
ව්‍යාජ වීසා බලපත්‍ර සැකසීම නිසා පුද්ගලයෙකු අත්අඩංගුවට

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් මහතාගේ සහෝදරයකු, මහනුවර පොලීසියේ වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයාගේ සහෝදරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, එලැඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඩුබායි හි රැකියා ලබා දෙන බව පවසමින්, මුදල් වංචා කළ බවට තවත් පැමිණිලි තුනක් ඔහු සම්බන්ධයෙන් ලැබී ඇති බවද පොලිසිය පවසනවා.