දේශීය

කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා වැඩි විය හැකි අතර මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ අංශ නිවේදනය කරනවා.

එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button