Uncategorized

පොලිස් ප්‍රධානීන් 5 කට ස්ථාන මාරු

වයඹ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා, පුත්තලම ජ්‍යේෂඨ පොලිස් අධිකාරිවරයා සහ ආනමඩුව පොලිස් අධිකාරිවරයා මෙන්ම ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට, පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා.

ඊයේ (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මෙම මාරුවීම් ලබාදී ඇති අතර, ඒ සඳහා පොලිස් කොමිසමේ ද අනුමැතිය හිමිවී ඇති බව සඳහන්.

පසුගිය 22 වැනිදා නවගත්තේගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුට ආනමඩුව – ආලම්කුලම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් පිරිසක් පහරදීමේ සිද්ධිය සමතයකට පත් නොකිරීමට අදාළව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button