රනිල්ගෙන් තවත් කමිටුවක්

පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට හැකි රජයේ ශික්ෂණ රෝහල් හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි එම කටයුත්ත සිදුකිරීම සඳහා එම තීරණය ගත් බව සඳහන්.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් ඇතුළු කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට ගැනීමට සුදුසු රෝහල්, අධ්‍යනය කිරීම, සමාලෝචනය කිරීම, හඳුනාගැනීම සහ සායනික පුහුණුව ලබාදීමට ඇති හැකියාව එම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය.
ඒ අනුව හඳුනාගත් රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර, සති 8ක කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා .