දේශීය

පාන් මිල රු. 100 දක්වා අඩු වෙයි ?

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනවා මිස තවදුරටත් වැඩි කිරීමට සූදානමක් නැතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසනවා.

අවම වශයෙන් පාන් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ සඳහා රජයේ සහාය බලාපොරොත්තු වන බවත් දැනට අඩාල වී ඇති බේකරි කර්මාන්තය යථා තත්ත්වයට පත්කළ හැක්කේ ද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළහොත් පමණක් බවත් ඔහු පැවසුවා.

මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 160ත් 170ත් සහ ඇතැම් ප්‍රදේශ වල 180 ටත් අලෙවි කරන බව එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button