දේශීය
ඉහළ කොත්මලේ ජලාශයේ තරුණයෙකුගේ මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි පතන මවුන්ට්වර්නන් වත්ත ප්රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පවසනවා.
පොලීසිය ලද තොරතුරක් මත සිදුකළ සොයාබැලීමකදි ඉහළ කොත්මලේ ජලාශයේ නානුඔය වත්තට ආසන්න ප්රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෘත ශරීරය අසල තිබී මුදල් පසුම්බියක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.