දේශීය
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට විනය පරීක්ෂණයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් මූලස්ථානය බැඳී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා .
ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් මූලස්ථානයට ලැබුණු අතර, එය පොලිස් නීති අංශයටද යොමු කර තිබෙනවා .
ඒ අනුව ඉදිරි සතිය තුළ විනය පරීක්ෂණය ආරම්භ කර ඔහු සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිස් කොමිෂන් සභාවට යොමු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසනවා .
ජාතික පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව ක්‍රියාත්මක කර, ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්වත් කිරීමටද පියවර ගැනීමටද තීරණය කර ඇත.