විදෙස්

යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයක් රුසියාව යටතට

යුක්‍රේනයේ ලුණු ආකර නගරක් වන සොලොඩාර් හි බලය අත්පත් කර ගැනීමට රුසියාව සමත්ව තිබෙනවා

දීර්ඝ සටනකින් පසු එම නගරය රුසියාව විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

සොලොඩාර් නගරය අත්පත් කරගැනීම හේතුවෙන් ඊට ආසන්න නගරක් වන බක්මුට් හි බලය තහවුරු කර ගැනීම ඉතා පහසු වනු ඇති බව රුසියානු ආරක්ෂක අංශ සඳහන් කර ඇත.

කෙසේවෙතත් සොලොඩාර් නගරය රුසියාව විසින් අත්පත් කර ගෙන ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවත් එහි සටන් තවදුරටත් පවතින බවත් යුක්‍රේන ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button