දේශීය

චන්දෙට මුදල් එකවර දෙන්න බැහැ – මහාභාණඩාගාරය

පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ පවත්වන්නේ නම් මැතිවරණ කොමිසම ඉල්ලන මුදල දිය හැක්කේ එකවර නොව කොටස් වශයෙන් යැයි මහභාණ්ඩාගාර නිලධාරීහු මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා .

මහභාණ්ඩාගාර නිලධාරීන් ඉහත දැනුම් දීම කරනු ලැබූවේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසමේ සාමජිකයන් හා නිලධාරීන් මුණ ගැසුණු අවස්ථාවේදීය.

මැතිවරණ කොමිසම කළ කැඳවීමකට අනුව භාණ්ඩාගාර නිලධාරින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජික මණ්ඩලයත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ඇතුළු නිලධාරී කණ්ඩායමත් මුණ ගැසී තිබෙනවා .

එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි ආකාරය ගැන විමසා ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්  පවතින මූල්‍ය දුෂ්කරතා ගැන මැතිවරණ කොමිසමට  පූර්ණ විග්‍රහයක් කර තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button