කොවිඩ් මරණ දෙකක්

මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව ශූන්‍ය අගයක් ගත්ත ද දෛනිකව තවදුරටත් සුළු වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ දත්ත පෙන්වාදෙනවා.
කෙසේවෙතත් දින කිහිපයකට පසුව ඊයේ (20) දිනයේ දි මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,793ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
ඊයේ දිනයේ දී කාන්තාවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති අතර ඉන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවු අතර අනෙක් කාන්තාව වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බව සඳහන්.
මේ අතර ඊයේ දිනයේ දි කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 671, 522ක් වේ.
ඊයේ දිනයේ වාර්තා වු සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.