දේශීය

වැසි සහ සුළං තත්වය තවදුරට​ත්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳව අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග සහ ගිනිකොණදිග ආරබි මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් තවදුරටත් ඉතා තද සුළං (පැ.කි.මී . 60-70) ,සමගින් තද වැසි පවතින බවයි.

එමෙන්​ම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු​ව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

අරාබි මුහුද සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා මෙම නිවේදනය නිකුත් කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button