දේශීය

පහත්බිම්වල අවට ජනතාවට දැනුම්දීමක්

අධික වැසි සමග කැළණි, කළු, ගිං, සහ නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ, ඉදිරි කාලසීමාව තුළදී සැළකිය යුතු වර්ෂාවක් ලැබුණෙහොත් ජල ගැලීම් තත්වයක් ඇතිවිය හැකි බව​යි.

ඒ හේතුවෙන්, පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉංජිනේරු S.P.C .සුගීෂ්වර මහ​තා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button