දේශීය

කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන​වා. ​

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි  සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවධානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් ක​ළ අදාළ නිවේදනය අද (09) රාත්‍රී 11.30 වෙනතුරු වලංගු වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button