දේශීය

දියණිය​ට පහරදෙන වීඩියෝ​ව සමාජ මාධ්‍යට මුදාහල පියාට වැඩ වරදී

තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි පියෙ​කු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, ඔහු බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

සිය දියණියගේ මව මිට මාස නවයකට පෙර විදේශ ගත ​වී ඇති අතර එම  දැරිය රැක  බලා ගැනිම  සදහා මොහුට සහ  මොහුගේ  මවිපිය​න් වෙත භාරදී තිබෙනවා.

දැරිය ​මේ වන විට  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා.

දරුවෙකුට  පහර දී කෘරත්වයට  පත් කිරී​මේ  චෝදනාව  මත  මොහු  අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර  ලබන  17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස  බලන්ගොඩ  මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ  මහත්මිය අද (03) දා නියෝග කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button