දේශීය

පූජ්‍ය උලපනේ හිමි ඇතුළු පිරිසට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අනුව සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 04දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදාහැරීමටත් තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටත් එහි​දී නියෝග කෙරුණා.

මෙහිදී පූජ්‍ය උලපනේ සුමංගල හිමි වෙත විදෙස් ගමන් තහනමක් ද පනවා තිතිබෙනවා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට අවවාද කරනු ලැබුවා.

නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට විරෝධය පළ කර බාධාකිරීමේ චෝදනාවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button