දේශීය
ශ්‍රීලනිප නව පත් කිරීම්වලට එරෙහිව විරෝධතා මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදු කළ පත් කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසුවේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදු විය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.
එමෙන්ම නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් තමන් වෙත ඒම විරෝධතා භාර දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති R,M,A,L රත්නායක මහතා පවසනවා.
හෙට (18) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී ගත් තීරණ හා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විරෝධතා සලකා බලා තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.