දේශීය
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
උතුරු, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත හා මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා අදාළ නිවේදනය බලපැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට පැවතිය හැකි බවට අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.