දේශීය

උසස් පෙළ ප්‍රතිඵල එන දව​ස මෙන්​න

අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මෙව​ර අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ජනවාරි මස 04 වන දින ආරම්භ වුණා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැදදී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන්ව ඇති බවයි.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායකවූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලට සහභාගී වෙමින්.

එමෙන්​ම උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළට ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.  

සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂකවරුන් 35,000ක් හා උසස් පෙළ විභාග පරීක්ෂකවරුන් 19,000 පමණ සිටින අතර මේ සියලු දෙනාට සෑහීමකට පත් විය හැකි මට්ටමේ දීමනාවක් ලැබෙනු ඇති බව​ට තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවර​යා මෙහිදී සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button