දේශීය
දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාද ඉල්ලා අස්වී තිබුණා.