කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ කාන්තා දින පණිවුඩය

ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය වර්ධනය කිරීම සදහා අවශ්‍ය නෛතික සහ සක්‍රීය ප්‍රතිපත්තිමය පියවර අනුගමනය කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා පවසන්නේ, මේ සදහාවන පියවර රැසක්ම මේ වන විට ගෙන ඇති බවයි.
මනුෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.
වාර්ශිකව ඇමරිකානු ඩොරල් බිලියන 1.7 ක පමණ ආදායමක් රට තුළට ගෙන එන තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ 150,000ක් පමණ මේ වන විට සේවය කරන අතර මේ වන විට එහි කාන්තා දායකත්වය 24% ක් පමණ වනවා.
ඉදිරියේදී එය 40% දක්වා ඉහළ නැංවීම සදහා අපේක්ෂා කරනු ලබන බව අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්රයන්හි සේවිකාවන්ගේ සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා සාප්පු හා කාර්යාල සේවක පනතට නව සංශෝධන එක් කර ඇති අතර එමගින් සේවිකාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමට අදාල විධිවිධාන සලසනු ලබන බවයි.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සේවා නියුක්ති පනත මගින්ද සේවයේ යෙදෙන කාන්තාවන්ගේ, සේවයේ යෙදවීමේ අයිතීන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහාද විධිවිධාන රාශියක් හදුන්වාදීමට අපේක්ෂා කරනු ලබන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදි අවධාරණය කළා.
එහිදී වැඩ ලෝකය තුළ ප්රචණ්ඩත්වය හා හිංසනය වැලැක්වීමට අදාල ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුති අංක 190 හි සදහන් වන ප්රමිතීන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් වන විධිවිධානද නව පනතේ පරිච්ඡේදයක් ලෙස ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එමගින් සේවා ස්ථානය තුළදී ශාරීරිකව, මානසිකව සහ ලිංගික වශයෙන් පීඩාවට පත් කිරීම වැලැක්වීමට අදාල නීති ගෙන ඒමට යෝජනා කර ඇති බවත් අර්ධකාලීන රැකියා, සමුච්ඡිත වැඩ දිනයන් සහ වැඩ සති හදුන්වාදීම මගින්ද ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට අවකාශය උදාවනු ඇති බවට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
තවද අමාත්‍යවරයා සඳහන් කළේ, අවිධිමත් අංශයේ සේවා නියුක්තයන් සම්බන්ධයෙන් වෘත්තීය ගරුත්වය සහ පිළිගැනීමක් ලබාදීමට අදාල විධිවිධානද නව පනතට ඇතුළත් කරන අතර එමගින් කාන්තාවන් පමණක් සේවය කරන පෙර පාසල් පාලිකා, කාන්තාවන් වැඩි වශයෙන් සේවය කරන රූපලාවන්‍ය වැනි ක්ෂේත්රයන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය විධිවිධාන සලසනු ලබන බවයි.
මේ අතර ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශ ගත කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සදහා වන මාර්ග සිතියමද මේ වන විට සකස් කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
විදේශ ගත කාන්තා ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුබසාධනය තහවුරු කිරීම සදහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියා.