ජාතික වකුගඩු ආයතනයේ AC වැඩ නෑ

ජාතික වකුගඩු ආයතනයේ වායු සමීකරණ පද්ධතිය ඊයේ (05) වන විට සියයට සියයක්ම අක්‍රියවී තිබූ අතර එහි ශල්‍යාගාරයේ ඊයේ සිදු කළ සැත්කමක් විදුලි පංකාවක උපකාරයෙන් සිදු කළ බවට එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළ බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
පැය හයක් පුරාවට එම සැත්කම සිදුවී ඇති අතර එම මුළු කාලය තුළම විදුලි පංකාවක් පමණක් එහි ක්‍රියාත්මක වෙමින් තිබුණු බවයි වාර්තාවන්නේ.
කරාපිටිය රෝහලේ සිට එවා තිබූ බරපතළ තත්ත්වයේ සිටි 69 හැවිරිදි රෝගියෙකුට මෙම සැත්කම සිදුකර තිබූ අතර වායුසමීකරණය කර නොතිබූ ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සැත්කම සිදුකළ මුළු කාලය තුළම දැඩි අපහසුතා මධ්‍යයේ කටයුතු කළ බවද එම ආරංචිමාර්ග සඳහන් කළා.
කෙසේවෙතත් එම රෝහලේ වෛද්‍යවරයෙක් මව්බිම පුවත්පතට පවසා ඇත්තේ, මෙලෙස විදුලි පංකාවක ආධාරයෙන් සැත්කමක් සිදු කිරීම ඉතාමත් අවදානම් කටයුත්තක් බවත් මෙවන් තත්ත්වයක් ඇති වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු පාර්ශව නිද්‍රාසහගතව සිටීම කනගාටුවට කරුණක් බවයි.
මේ අතර, රෝහලේ සමස්ත වායුසමීකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීම හේතුවෙන් එහි ගබඩා කොට ඇති ඖෂධවලට යම් බලපෑමක් සිදුවීමේ අවදානමක් ඇති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.