දේශීය
ශ්‍රී ලංකන් ලන්සු විවෘත කිරීම අද

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම අද (05) සිදුකිරීමට නියමිතව තිබෙනවා.
වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, අද පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.
ඒ අනුව අදාළ ලංසු ඉදිරිපත් කිරීම සජීවීව සිදුකිරීමට නියමිත අතර ඊට සහාය දැක්වීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක්ද පත්කර තිබෙනවා.
ලංසු ඇගයීම් වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ අයෝජනයක් අපේක්ෂා කරන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.