දේශීය

පාදුක්කේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට කිසිවෙකු විසින් අද (01) අලුයම් කාලයේ​දී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බ​ව පොලිසිය පවසනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ පිළියන්දල ප්‍රදේශයේ  පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තාවන්නේ.

පොලීසිය පවසන්නේ, එම නිවස ආසන්නයේ වෙනත් ඉඩමක නිවසක් ඉදි කිරීම සදහා මුල්ගල් තැබීමේ කටයුත්ත වෙනුවෙන් සහභාගී වීම සදහා එම පිරිස අදාල නිවසෙහි නතරව සිට ඇති බවත් එම නිවස මිලදී ගැනීමේ සූදානමින් ඔවුන් එහි සිට ඇති බවයි.

අදාල නිවසේ සිටි පිරිස නිදා සිටියදී එක්වරම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බවත් කලබලවූ පිරිස නිවසේ කුස්සිය වෙත දුව ගොස් සැගව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button