දේශීය

සනත්ගේ හි​ස් අසුනට අලුත් මන්ත්‍රීවරයෙ​ක්

රි​ය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑම හේතුවෙන්, ඔහුගෙන් අනතුරුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිතයි.

ඒ සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මැතිවරණයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ මනාප ලැයිස්තුවේ තේරී පත් නොවූ අපේක්ෂයන්ගේ වැඩිම මනාප සංඛ්‍යාව ඔහුට හිමිවීම හේතුවෙන්.

එම මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමට සනත් නිශාන්ත මහතාට හැකිවූ අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 80082ක්.

එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතා විසින් හිමිකර ගත් අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 40527ක්.

එම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු අසුන් 5ක් හිමි වූ අතර ඒවා දිනාගත් අපේක්ෂයන් වූයේ, පිළිවෙලින් සනත් නිශාන්ත, ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරු​න්.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button