බොරු කියපු රංජන් ජයලාල්ව වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න-ඇමති කංචන

පාර්ලිමේන්තුව විදුලිබිල ගෙවා නැති බවට අසත්‍ය ප්‍රකාශයක් කරමින් අපහාසයක් කළ රංජන් ජයලාල් මහතා වරප්‍රසාද කමිටුවට ගෙන්වන ලෙස විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබෙනවා.
පාර්ලිමේන්තුව කෝටි හතක විදුලි බිලක් ගෙවන්නේ නැතිව පැහැර හැරී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබූ බව පවසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුව මෙන්ම ජනාධිපති කාර්යාලයද අඛණ්ඩව එම විදුලි බිල ගෙවා තිබෙන බවට සහ මේ වන විට කිසිම හිඟ මුදලක් නැති බවට අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමේදී.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් වන ආකාරයට අදාළ ප්‍රකාශය කළ රන්ජන් ජයලාල් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙනැවිත් ඒ පිළිබඳව නීතියෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.